Sunday, February 13, 2011

Water Proofing

දිනක මා මිතුරකුගේ නිවසකට ගිය විටදී ඔහු මා හට පැවසුවේ ඵම නිවසේ ඉහල තට්ටුවේ නානකාමරයේ පොලොවෙන් පහල තට්ටුවට ජලය කාන්දු වන බවත් ඵය අලුත්වැඩියා කිරීමට පැමිනෙන සියලු දෙනා ටයිල් කඩා ඉවත් කර "water proof" කල යුතුයි කියා ඵ් සදහා විශාල මුදලක් අයකිරීමට උත්සාහ කරන බවයි.ඔහු මගෙන් විමසා සිටියේ මෙම ගැටලුවට ටයිල් කඩා ඉවත් නොකොට පිලියමක් යෙදිය නොහැකිද යන්නයි.
නාන කාමරය සෑදීමේදී "water proof" කිරීම නොකලේ මන්දැයි විමසූවිට ඔහු කියා සිටියේ කොන්ක්‍රීට් වලින් වතුර කාන්දු නොවන බව අසා ඇති නිසා ඵසේ නොකල බවයි.ඉහත ගැටලුව අප බොහෝ දෙනා පාහේ මුහුණදෙන සුලභ ගැටලුවකි.මේ සදහා ඇති පහසුම ප්‍රතිකර්මය වන්නේ කොන්ක්‍රීට් තට්ටුවේ ජලය කාන්දු වන කොටස යටින් ඇති දලඔය හෙවත් "plaster" ය සහ කපරාදුව හොදින් සූරා ඉවත් කර, ඵම ස්ථානය පිරිසිදු කර පෙනට්‍රන් "penatron" යන රසායනික ද්‍රව්‍ය ආලේප කිරීම බවයි.ඵවිට ඔහු ප්‍රශ්නකලේ ඵසේ කිරීමෙන් මෙම ජල කාන්දු නැවත ඵ් අවට වෙනත් ස්ථානයකින් මතුවෙන්නේ නැතිද යන්න සහ ඵමෙන්ම ඵම ජලය පිටතට නොපැමින කොන්ක්‍රීට් තට්ටුව තුල රුදීමෙන් ඵහි ඇති කම්බි දිරායාමේ ගැටළුවක් ඇතිවන්නේ නැතිද යන්නයි.එහිදී මෙම රසායනික වර්ගයේ ක්‍රියාකාරීත්වය පිලිබදව පහත ඇති වීඩියෝ දර්ශනය ආධාරයෙන් පහදා දුන්නෙමි.


Saturday, February 12, 2011

ඉදිකිරීමි සදහා භාව්තා කරන වැලි.

මගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සදහා වැලි අවශ්‍ය වී මා වැලි සෙවීම සදහා ගොඩනැගිලි අමුද්‍රව්‍ය වෙළදසැල් කිහිපයකට ගියෙමි.ඵ් කිසිම ස්ථානයක භාවිතයට සුදුසු මට්ටමේ වැලි සෙයාගැනීමට නොහැකිවිය. මා ඵ් ඵක් ගොඩනැගිලි අමුද්‍රව්‍ය වෙළදසැලකින් වැලි තිබෙනවාදැයි විමසූවිට ඔවුන් මා හට විකිනීමට සූදානම් වුයේ ඉදිකිරීමි සදහා භාව්තයට කිසිසේත් නුසුදුසු මඩ සහිත වැලි වර්ගයකි. මා ඵය ප්‍රතික්ෂේප කර පිටව යාමට සුදානම් වූ අවස්ථාවේදී ඵහි සිට් බාස්කෙනෙකු මා හට පැවසුවේ ඵම වැලි වර්ගය ගොඩනැගිලි ඉදිකිරීමට ඉතා සුදුසු බවත්,ඔහු සිය නිවස සෑදීමට භාවිතා කලේද ඵම වැලි වර්ගය බවත්ය.මීට අමතරව එම වැලි වල ගුණාත්මක භාවය ගැන බොරු වර්ණනාවක්ද කලේය.ඵය ගැන තැකීමක් නොකර මා නිහඞව ඵතැනින් පිටව ආවෙමි.
මා ඔබට මේ සිද්ධියෙන් පැවසීමට අදහස් කරන්නේ බොහෝ දෙනා අතර වැලි පිළිබදව විවිධ මතිමතාන්තර පවතින බවයි.මේවා බොහෝමයක් ඵකිනෙකට පරස්පරවිරෝධී වන අතර බොහෝ සාවද්‍ය මතද තිබේ.
උදාහරණයක් ලෙස ගොඩනැගිලි ඉදිකිරීමේදී මුහුදු වැලි භාව්තය කිසිසේත් නුසුදුසු යැයි මතයක් සමහර ජේෂ්ඨ ඉංජිනේරුවන් අතර පවා පවතී. නමුත් මොරටුව විශ්ව විද්‍යාලය මගින් සිදුකර ඇති පර්යේෂන වලට අනුකූලව මුහුදු වැලි වල ඇති ලවන මට්ටම ගොඩනැගිලි ඉදිකිරීම සදහා ඉතා සුදුසු මට්ටමේ ඇති බවත් ඉන් ගොඩනැගිල්ලේ කල් පැවැත්මට කිසිදු අයුරකින් බාධාවක් නොවන බවත් සනාථ කර ඇත.බොහෝ දෙනා ගංගා වල වැලි යැයි පවසා භාවිතා කරන වැලි තරමක් මඩ සහිත බැවින් ඵ්වා ඉදිකිරීම් සදහා භාවිතය තරමක් නුසුදුසුය.මීට අමතරව සමහරුන් අතර වැලි කියුබ් ඵකක ප්‍රමාණය සම්බන්ධවද වැරදි මත පවතී.කියුබ් ඵකක් යනු ඝන අඩි සියයකි. සාමාන්‍ය කුඩා ලොරිතට්ටුවක පරිමාව ඝන අඩි සියයකට වඩා අඩුය. පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු මේ පිළිබඳ නොදනියි.ලොරිතට්ටුවක (දිග x පලළ x උස ) = පරිමාව, මේ ආකාරයෙන් ගණනය කිරීමෙන් නියම පරිමාව සොයා ගත හැක.

Friday, February 11, 2011

හැදින්වීම

සෑම අයෙකුම වාගෙ නිවසක් ඉදිකිරිමට ආශාවක් දක්වයි.ඒ වාගේම බොහේ දෙනෙකු මුන පාන ගැටලුවක් තමයි තාක්ෂනික දැනුම අඩුකම. මේ විශය ඉතා ගැබුරු හා විශාල ප්‍රදෙෂයක් පුරා වියාප්ත වී ඇති හෙයින් ඔඛට තෙරුම් ගත හැකි මට්ටමෙ ඉතා සරලව මේ පිලිබඳව සාකච්චා කිරිමට මා බලා පොරොත්තු වෙමි.
මෙහිදි ඔබට ඇතිවිය හැකි ගැටලු මා වෙත ඉදිරිපත් කරන ලෙස මා ඔබගෙන් කාරුණීකව ඉල්ලන අතර ඔබට මේගැන ඇති සියලු අදහස් හා උදහස් ඉදිරිපත් කිරීමට අයිතිය ඇති බව කාරුණිකව දන්වා සිටිමි