Saturday, February 12, 2011

ඉදිකිරීමි සදහා භාව්තා කරන වැලි.

මගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සදහා වැලි අවශ්‍ය වී මා වැලි සෙවීම සදහා ගොඩනැගිලි අමුද්‍රව්‍ය වෙළදසැල් කිහිපයකට ගියෙමි.ඵ් කිසිම ස්ථානයක භාවිතයට සුදුසු මට්ටමේ වැලි සෙයාගැනීමට නොහැකිවිය. මා ඵ් ඵක් ගොඩනැගිලි අමුද්‍රව්‍ය වෙළදසැලකින් වැලි තිබෙනවාදැයි විමසූවිට ඔවුන් මා හට විකිනීමට සූදානම් වුයේ ඉදිකිරීමි සදහා භාව්තයට කිසිසේත් නුසුදුසු මඩ සහිත වැලි වර්ගයකි. මා ඵය ප්‍රතික්ෂේප කර පිටව යාමට සුදානම් වූ අවස්ථාවේදී ඵහි සිට් බාස්කෙනෙකු මා හට පැවසුවේ ඵම වැලි වර්ගය ගොඩනැගිලි ඉදිකිරීමට ඉතා සුදුසු බවත්,ඔහු සිය නිවස සෑදීමට භාවිතා කලේද ඵම වැලි වර්ගය බවත්ය.මීට අමතරව එම වැලි වල ගුණාත්මක භාවය ගැන බොරු වර්ණනාවක්ද කලේය.ඵය ගැන තැකීමක් නොකර මා නිහඞව ඵතැනින් පිටව ආවෙමි.
මා ඔබට මේ සිද්ධියෙන් පැවසීමට අදහස් කරන්නේ බොහෝ දෙනා අතර වැලි පිළිබදව විවිධ මතිමතාන්තර පවතින බවයි.මේවා බොහෝමයක් ඵකිනෙකට පරස්පරවිරෝධී වන අතර බොහෝ සාවද්‍ය මතද තිබේ.
උදාහරණයක් ලෙස ගොඩනැගිලි ඉදිකිරීමේදී මුහුදු වැලි භාව්තය කිසිසේත් නුසුදුසු යැයි මතයක් සමහර ජේෂ්ඨ ඉංජිනේරුවන් අතර පවා පවතී. නමුත් මොරටුව විශ්ව විද්‍යාලය මගින් සිදුකර ඇති පර්යේෂන වලට අනුකූලව මුහුදු වැලි වල ඇති ලවන මට්ටම ගොඩනැගිලි ඉදිකිරීම සදහා ඉතා සුදුසු මට්ටමේ ඇති බවත් ඉන් ගොඩනැගිල්ලේ කල් පැවැත්මට කිසිදු අයුරකින් බාධාවක් නොවන බවත් සනාථ කර ඇත.බොහෝ දෙනා ගංගා වල වැලි යැයි පවසා භාවිතා කරන වැලි තරමක් මඩ සහිත බැවින් ඵ්වා ඉදිකිරීම් සදහා භාවිතය තරමක් නුසුදුසුය.මීට අමතරව සමහරුන් අතර වැලි කියුබ් ඵකක ප්‍රමාණය සම්බන්ධවද වැරදි මත පවතී.කියුබ් ඵකක් යනු ඝන අඩි සියයකි. සාමාන්‍ය කුඩා ලොරිතට්ටුවක පරිමාව ඝන අඩි සියයකට වඩා අඩුය. පාරිභෝගිකයින් බොහෝ දෙනෙකු මේ පිළිබඳ නොදනියි.ලොරිතට්ටුවක (දිග x පලළ x උස ) = පරිමාව, මේ ආකාරයෙන් ගණනය කිරීමෙන් නියම පරිමාව සොයා ගත හැක.

No comments:

Post a Comment