Sunday, February 13, 2011

Water Proofing

දිනක මා මිතුරකුගේ නිවසකට ගිය විටදී ඔහු මා හට පැවසුවේ ඵම නිවසේ ඉහල තට්ටුවේ නානකාමරයේ පොලොවෙන් පහල තට්ටුවට ජලය කාන්දු වන බවත් ඵය අලුත්වැඩියා කිරීමට පැමිනෙන සියලු දෙනා ටයිල් කඩා ඉවත් කර "water proof" කල යුතුයි කියා ඵ් සදහා විශාල මුදලක් අයකිරීමට උත්සාහ කරන බවයි.ඔහු මගෙන් විමසා සිටියේ මෙම ගැටලුවට ටයිල් කඩා ඉවත් නොකොට පිලියමක් යෙදිය නොහැකිද යන්නයි.
නාන කාමරය සෑදීමේදී "water proof" කිරීම නොකලේ මන්දැයි විමසූවිට ඔහු කියා සිටියේ කොන්ක්‍රීට් වලින් වතුර කාන්දු නොවන බව අසා ඇති නිසා ඵසේ නොකල බවයි.ඉහත ගැටලුව අප බොහෝ දෙනා පාහේ මුහුණදෙන සුලභ ගැටලුවකි.මේ සදහා ඇති පහසුම ප්‍රතිකර්මය වන්නේ කොන්ක්‍රීට් තට්ටුවේ ජලය කාන්දු වන කොටස යටින් ඇති දලඔය හෙවත් "plaster" ය සහ කපරාදුව හොදින් සූරා ඉවත් කර, ඵම ස්ථානය පිරිසිදු කර පෙනට්‍රන් "penatron" යන රසායනික ද්‍රව්‍ය ආලේප කිරීම බවයි.ඵවිට ඔහු ප්‍රශ්නකලේ ඵසේ කිරීමෙන් මෙම ජල කාන්දු නැවත ඵ් අවට වෙනත් ස්ථානයකින් මතුවෙන්නේ නැතිද යන්න සහ ඵමෙන්ම ඵම ජලය පිටතට නොපැමින කොන්ක්‍රීට් තට්ටුව තුල රුදීමෙන් ඵහි ඇති කම්බි දිරායාමේ ගැටළුවක් ඇතිවන්නේ නැතිද යන්නයි.එහිදී මෙම රසායනික වර්ගයේ ක්‍රියාකාරීත්වය පිලිබදව පහත ඇති වීඩියෝ දර්ශනය ආධාරයෙන් පහදා දුන්නෙමි.


No comments:

Post a Comment